Shogun (2024) E03 Sinhala Subtitles | ” හෙට කියන්නෙ හෙට ” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

   

Historical | Military ශාරනයේ අලුත්ම ඇමරිකන්  සීරිස් එකක් තමයි මේ Shogun කියන්නෙ .මේක රිලීස් උනේ පහුගිය 27 වෙනිදා සම්පූර්ණ කතා මාලාව කොටස් 10කින් යුක්තයි. ඉතින් පලවෙනි කතාංග දෙක තමයි අද මේ විදියට අරගෙන එන්නේ.James Clavell ගේ Shogun කියන නව කතාව පාදක කරගෙන තමයි මේ සීරිස් එක නිර්මාණය වෙලා තියෙන්නෙ.Hulu , Fx හරහා විකාශනය වන මේකේ ඉංග්‍රීසි සහ ජපන් භාෂා දෙකම අඩංගු වෙනවා. මේකට මේ වෙද්දි ලැබිල තියෙන රේටින් රිවිව්ස් අනුව ඉහලම ජනප්‍රියත්වයක් මේ වෙද්දි ලබාගෙන තියෙනවා. ඒ වගේම අධ්‍යක්ෂකවරු , නිෂ්පාදකවරු රැසක් මේක නිර්මාණය කරන්න දායක වෙලා තියෙනවා.


වර්ෂ 1600 දී ජපානයේ රාජ්‍යාධිකාරී කවුන්සිලයක් විසින් තමයි පාලනය වෙන්නෙ. ඒ කියන්නෙ රජතුමාගේ අභාවයෙන් පස්සෙ පුත් කුමරුට අවුරුදු 16ක් වෙනකම් රට පාලනය කරන්න මේ කවුන්සිලයට තමා බාර වෙන්නේ. ඔය අතරෙ රජතුමා විශ්වාසවන්තම සාමිවරයෙක් වන දක්ෂ බුද්ධිමත් යෝෂි ටොරනාගා සාමිවරයා ඉවත් කරන්න තමා මේ අධිකාරියේ අනික් අයගෙ සැලැස්ම.මොකද එයා නිසා කාටවත් අර ඔටුන්න හිමි කුමරුටත් මොකුත් කරන්න බෑ ආරක්ෂාව එයා සලසන නිසා. තව මේ සාමිවරුන්ගෙත් කට්ටියක් ඉන්නව ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ඉන්න. ඉතින් ජපානේ වෙලඳ කටයුතු ඔක්කොටම මැදිහත් වෙලා කිතුනු දහමත් පතුරගෙන පෘතුගීසීනුත් ඉන්නව මේ අස්සෙ.හැමෝම තමන්ගෙ සුගතියගැන හිතල වැඩ කරන කොට ආරවුල් ගොඩක ඉන්නෙ ජපානෙට එක නැවක් ගහගෙන එනවා.ඒ නැවේ නියමුවා තමයි ජෝන් බ්ලැක්තෝර්න්.ඉතින් මේ පිරිස ජපන්නුන්ගේ අත්අඩංගුවට පත් වෙනවා.

පසුගිය කොටසින්..

දෙවනි කොටසේ මොකද උනේ කට්ටියට මතකයිනේ..මම පොඩ්ඩක් මතක් කරන්නම්. අන්ජින් එහෙමත් නැත්තන්ම් ඔසාකා නගරයට කැදවගෙන ආව අමුත්තා ලොකු භීෂනයක් මේ වෙද්දි ඇති කරලා තියෙන්නෙ.ටොරනාගා උතුමානන් ඔහුව කැඳවලා ප්‍රශ්න කරනවා.ඒවගේම පරිවර්තන කටයුතු වලට කැඳවන්නෙ මරිකෝ ආර්‍යාව.මොකද ටොරනාගාට දැන් විශ්වාස කරන්න පුලුවන් ඇයව නිසා. කිතුනු පූජකයින් අන්ජිට අකමැති බව ඔහු දන්නවනේ.ඉතින් ටොරනාගා දැන් හදන්නෙ අන්ජිව යොදාගෙන ඔහු මේ පැටලිලා ඉන්න උගුලෙන් බේරෙන්න..කිතුනු සාමිවරුන්ට අන්ජිව මරන්නයි ඕන.නමුත් ඉශිඩෝ වුනත් එකපාරටම එහෙම තීරනය නොකරන නිසා ඔවුන් අතරෙත් මතභේදයකට ඒක හේතු වෙලා තියෙන්නෙ.ඔය අතරේ ඉෂිඩෝ යොබුෂිගේ හම්බවෙලා ටොරනාගා ඉවත් කරන්න ඔහුගේ සහයෝගය ඉල්ලනවා..ඉතින් කතාව අවසන් උනේ ටොරනාගා උතුමානන් අන්ජිට දුන්න නිවාසයට සේවිකාවක් පැනලා ඔහුව ඝාතනය කරන්න හදපු තැනින්..එහෙනම් බලමුකෝ අද කොටසෙන් මොකද වෙන්නේ කියලා ..ගිහින් එන්නම්..






Post a Comment

0Comments

Post a Comment (0)