වර්ෂ 1600 දී ජපානයේ රාජ්‍යාධිකාරී කවුන්සිලයක් විසින් තමයි පාලනය වෙන්නෙ. ඒ කියන්නෙ රජතුමාගේ අභාවයෙන් පස්සෙ පුත් කුමරුට අවුරුදු 16ක් වෙනකම් රට පාලනය කරන්න මේ කවුන්සිලයට තමා බාර වෙන්නේ. ඔය අතරෙ රජතුමා විශ්වාසවන්තම සාමිවරයෙක් වන දක්ෂ බුද්ධිමත් යෝෂි ටොරනාගා සාමිවරයා ඉවත් කරන්න තමා මේ අධිකාරියේ අනික් අයගෙ සැලැස්ම.මොකද එයා නිසා කාටවත් අර ඔටුන්න හිමි කුමරුටත් මොකුත් කරන්න බෑ ආරක්ෂාව එයා සලසන නිසා. තව මේ සාමිවරුන්ගෙත් කට්ටියක් ඉන්නව ක්‍රිස්තියානි ආගම වැලඳගෙන ඉන්න. ඉතින් ජපානේ වෙලඳ කටයුතු ඔක්කොටම මැදිහත් වෙලා කිතුනු දහමත් පතුරගෙන පෘතුගීසීනුත් ඉන්නව මේ අස්සෙ.හැමෝම තමන්ගෙ සුගතියගැන හිතල වැඩ කරන කොට ආරවුල් ගොඩක ඉන්නෙ ජපානෙට එක නැවක් ගහගෙන එනවා.ඒ නැවේ නියමුවා තමයි ජෝන් බ්ලැක්තෝර්න්.ඉතින් මේ පිරිස ජපන්නුන්ගේ අත්අඩංගුවට පත් වෙනවා.
පසුගිය කොටසින්..
නවවෙනි කොටසෙදි මොකද වුණේ කියලා ඔයාලට මතක ඇතිනේ..මම මොකද වුණේ කියලා පොඩ්ඩක් මතක් කරන්නම්..පහුගිය කොටසෙදි යබුෂිගේ ස්වාමිවරයයි මාරිකෝ ආර්යාවයි අන්ජිනුයි ඇතුලු කණ්ඩායමක් ඔසාකා වලට යනවා… ඒත් එහෙදි යබුෂිගේ ස්වාමිවරයා ඉෂිඩෝට පක්ෂපාති වෙලා ටොරනගාට විරුද්ධ වෙන්න තීරණය කරනවා..ඊට පස්සේ යබුෂිගේ ස්වාමිවරයගේ උදව්වෙන් එක් කණ්ඩායමක් මරිකෝ ආර්යාව ඇතුළු පිරිස ඝාතය කරන්න හොර රහසෙම ඔවුන් හිටපු මාළිගයට ඇතුල් වුණා මතක ඇතිනේ..ඉතින් ඒ වෙලාවෙදි කට්ටිය ගිහින් හැංගුන වෙලාවේ කට්ටිය හැංගුණු ගබඩාවේ දොරටුව පුපුරවන්න අර කණ්ඩායම උත්සාහ කරනවා..ඒ වෙලාවෙදි මරිකෝ ආර්යාව ඒ මැද්දට පැනලා අවසානයේදි මියගියා මතකයි නේද? එහෙනම් අද එතනින් එහාට මොකද වෙන්නේ කියලා මේ අවසාන කොටසෙදි නරඹන්න ඔයාලට ආරාධනා කරනවා..